Sunday, May 8, 2011

කිමදෝ මවට එක දිනයක් වෙන් කරලා



දස මාසයක් කුස තුල අප බර                 උසුලා
දුක් විඳ දරා අප මෙලොවට බිහි              කරලා
සිරුරේ දුවන රුධිරය කිරි කර              පොවලා
ඇති දැඩි කළා දරුවන් හැමදේ               පුදලා


අම්මා නමැති දෙවඟන මෙලොවට         වැඩලා
හැඩ වැඩ කළා අපගේ ජිවිත                   ඔපලා
නිවසේ බුදුන් ලෙස ඇය හට නම්            තබලා
බුදුහිමි පවා ඇත මව් ගුණ කඳ               දෙසලා


උදයේ සවස මවගේ දෙපතුල                  අල්ලා
කිවත් අම්මගේ ගුණ කඳ වැඳ                 වැටිලා
සත්තයි ඇති නොවෙයි  මව් සෙනෙහස    ගයලා
උල්පත වගෙයි  සෙනහස නැත          වියෙකීලා


අම්මා වසාගෙන නිමි නැති ගුණ             ගලලා 
සැනසූ ලොවම  කරුණාවෙන් හිත         පුරලා
මෙතරම් උතුම් ගුණ කඳ අද සිහි            කරලා 
කිමදෝ මවට එක දිනයක් වෙන්           කරලා 


ඇගේ මුළු දිවිය දරුවන් හට කැප           කරලා 
දරුවන් නිසා කඳුළැලි සයුරක්              හෙලලා 
වසරක් තිස්සේ තම මව අමතක             කරලා 
කුමටද මිතුර මව් උපහාරය                     පුදලා 


අසරණ මහලු අම්මා ඇදගෙන                කුදලා 
ගෙන ගොස් ඇගේ පුතු මව මඩමට         දමලා 
මව් දින සැමරුමට ඔහු අද දුව               පැනලා 
කුමටද මෙවන් උන් මව් හට වැඳ            පුදලා 


බටහිර දේසේ මිනිසුන් දින වෙන්          කරලා 
සමරා සතුටු වන මුත් මව් ගුණ              ගයලා 
කුමටද අපිත් උන් පසු පස්සේ              වැටිලා 
සැමදා ගයමු ගුණ මව දෙපතුල            වැඳලා 


මව හට පියා හට දින දින වෙන්            කරලා 
ජලයට ගහ කොළට තව තව දින          හදලා 
කුමටද දවස් තුන් සිය හැට පහ            බෙදලා 
නොසිතා සිටියි නම් මේ ගැන අපි        උඹලා


දින වෙන් කෙරුම නෑ නොවැ වැදගත්   වීලා 
වටිනවා සැලකුවොත් සැමදා සිහි        කරලා 
මව සහ පියා දෙපලම සතුටින්             තියලා 
සැමදා රකිමු පරිසරයත් වෙර            යොදලා 

5 comments:

  1. හරිම ලස්සන අරුතක් ඇති පද පෙලක්

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි දෙන්නටම........

    ReplyDelete
  3. අම්මා ගැන කියනව නම් අයියේ ඉතින් පැල් බැඳ ගෙන තමයි කියන්න වෙන්නේ...

    දසමාසේ කුසේහි මා දරා ඉසිලු බර තව ඔබට මදී
    දරු සෙහෙහස මතු බුදු කරවන්නට, මව් පදවිය ඔබ ලබන ලදී

    ලැබුණත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුළු සංසාර යුගේ
    ඔබව බලාගන්නට අම්මේ...
    ඉරහද පතුරන එළියට වැඩියෙන් ඔබ මට හරි එළියයි අම්මේ.....
    දහසක් නෙත් මට මදි අම්මේ....

    ReplyDelete
  4. ඇත්ත මල්ලි..... දෙමව්පියෝ ගැන කොච්චර කීවත් කෙලවර වෙන්නේ නෑ..........

    ReplyDelete