Monday, May 2, 2011

අවසර දෙන්න ගෙතුමට කවි...............

කවියට හිතේ ඇතිවුන ලැදිකම               හන්දා
ඉඳ හිට නැඟුණු සිතුවිලි කවි පද             බැන්දා
ඒ කවිවලට ඉඩකඩ මදිවද                     මන්දා 
ගොඩගේ කවි කෑලි බ්ලොගයක් ඇත    කැන්දා


මෙතුවක් කලක් ගෙතු කවි පලවී          ඇත්තේ  
ගොඩයා ලියූ වංහුං බ්ලොග් එක          පැත්තේ 
මින් මතු ඒ පිටුවේ කවියට ඉඩ            නැත්තේ 
මේ අඩවියෙන් කවියට ඉඩකඩ             ගත්තේ 


සිතුවිලි හදේ කවි පද වැල්                 අමුණාවී 
ඒ කවි වලින් මේ පිටුවම                    පිරවෙවී 
දොස් දුටු විටදී මා හට                   අනුකම්පාවී
අවසර දෙන්න ගෙතුමට කවි තව            රසවී 

2 comments:

  1. දන්නෙමි ඕබේ හැකියාවන් හොඳම හැටි
    ගෙන එනු මැනවි තව තව කවි අපට වටී
    එන තුරු ඔබෙන් තව කවි වැල් බලන් සිටී
    ලියමුද තවත් හොඳ කවි පද රසය කැටී

    ReplyDelete
  2. පුදනෙමි මලේ තුති නුඹ හට හිස නමලා
    එනමුත් කුමට මට බොරු පැසසුම් කරලා
    නැත කියනට තරම් හැකියාවක් ලැබිලා
    උඹ මෙන් මමත් ඉඳහිට කවි ඇත ලියලා

    ReplyDelete