දරු හැඬුමකට කිරි නොවුනත් ගත රුහිරේ
පිටතට නොපෙනුනත් හද පිරි දරු සෙනෙහේ
පිය සෙනෙහසට සීමා බැමි නැත තැනුනේ
සීමා පවුරු නැති ඒ දරු සෙනෙහෙ නිසා
තම ගත සවිය ඩා බිඳු ලෙස දිය කෙරුවා
දූදරුවන්ගේ හෙට ලෝකය ගැන සිතලා
තම සැප සතුට සහ සැනසුම කැපකෙරුවා
අපගේ දිවිය වට කොට මහමෙර විලසේ
නැගුනේ ඔබයි රැකවල් යොදවා රිසිසේ
ඒ රැකවල් මැදින් ආ දූ දරු කැල සිත්සේ
හිනැහෙන අයුරු දකිනා පියවරු සැනසේ
මව් පිය දෙපල ඉර හඳ මෙනි දරුවන්ට
ඒ ඉර හඳ සෙවන යට දරුවනි සැනසෙන්න
මව මෙන් පියා නැතිනම් දරුවන් අසල
උන්ගේ ලොවට හිරු එළියක් නම් නොමැත
අම්මා වගේ ළඟ හිඳ සෙනෙහස නොමපා
ජිවිත සටනේ පෙරමුණ ගෙන ගුටි බැටකා
ඒ කම්කටොලු මැද හිඳ දූ දරුවන් සනසා
හිනැහෙනු දුටිමි පියවරු කඳුලැල් සගවා
නිතරම දෙසවනේ වැකුණේ මව් ගුණය
පිය සෙනෙහසත් මව් හට නොදවෙනි තැනය
පියවරු කරන කැප කෙරුමට තුති දෙන්න
මව මෙන් පියත් මතු දිනයක බුදු වන්න
ගොඩයො, තරු දහයක් මං ගානෙ
ReplyDeleteමිනිහෙක් වගේ හිටගෙන තීරණ ගන්න
ReplyDeleteවරදට නයෙකුසේ දල පහරක් දෙන්න
ලෝකෙට අත නොපා දිරියෙන් හිටගන්න
මා හැදු තාත්තේ ඔබ හෙට බුදු වෙන්න
ලස්සන කවි ටික අයියේ....
ReplyDeleteටි.එම් ගේ අම්මා සඳකි සිංදුව මතක් වුණා...
"පිය සෙනෙහසට කව් ගී ලිය වුණා මදී.."