Saturday, October 8, 2011

ඉතින් කවදාද මා යන්නේ ????


නුහුරු නුපුරුදු මුහුණු පිරි දුර දේශයක

මා තනිවූ කාලයේ පාළුවිය ජීවිතය

හිනැහුනෙමි සතුටට නොව මගෙ පාළුවට

ඇඬුවෙත් මා එදා හිතින් මගෙ තනිකමට

එනමුත් නොසිතූ ලෙස මට හමුවූ නුඹව

රැඳුනු හැටි පුදුමයි මගේ හිත ගැඹුරේම

හිතට හුරු වූ ඔබේ රුව නොදකින කලට

දැනුනි දුක් වේදනා තනිකමට අමතරව

වෑයම් කලත් මම අද තනිව හිනැහෙන්න

නැහැ දැන් ඉඩක් මට හැඬුනොත් මිස තනිව

සිටියත් මා වටා දහස් ගණනක් සෙනඟ

හැඟෙන්නේ තනිකමයි නිතර නිතරම සිතට

හේතුවක් හොයන්නට වීරිය කල මෙමට

පසක් විය සැනෙන් මට අහිමි බව මගේ හද

හද අහිමි මම කෙලෙස හිනැහෙන්නද තනිව

ඉතින් කවදාද මා යන්නේ ඇය දකින්නට

දොඩමළුව ඈ සමඟ හිනැහෙමින් ඇවිදින්න

? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ?

6 comments:

  1. අහිමි නුඹ හද මා ගාව සුරකින්න
    සිත්හි තනිකම දුරලන්න
    හිනැහෙන්න නුඹ එන්න
    ටික දිනක් ඉවසන්න

    ReplyDelete
  2. දෙනෝ දහක් නුවන් අතරේ
    කවුරුදෝ මා තනි කලේ...
    කවුරුදෝ......
    සිංගප්පූරුවේ.......

    ReplyDelete
  3. දෙන්නෙක් දෙපැත්තේ ඉඳලා මල් කඩන
    මේ අඩවියට අපි ඉඳහිටලා එබෙන
    මොනවා ලියන්නද කියලා මට සිතුන
    හින්දා ඔහේ ලියලා යමි පද මෙතන

    ReplyDelete
  4. තනිකම හිතට පුරුදුයි
    ඒ තනිකම හොඳම මිතුරා නිසා හිතේ
    ඒ තනිකම මාරම මිතුරෙක්
    මොකද තනිකම ආසයි
    තමංගේ මිතුරාගෙන් නිතරම
    ඈත් වෙලා ඉන්න
    ඒත්
    ඕන වුණ හැම වෙලාවකම
    කොහේ ම හරි ඉඳ ලා එනවා
    තනි මකන්න....

    ReplyDelete
  5. අපෝ ගොඩයෝ මේ වර්ඩ් වෙරි‍ෆිකේෂ්න් කෙහෙම්මල....

    ReplyDelete
  6. ගලයා - මචං උඹ කියනවා වගේ තනිකම තමයි කවදාවත් අපිව දාලා නොයන මිතුරා. ඒ තනිකම හොඳයි කියලා හිතෙනවා. කවුරුත් නැතිවෙලාවට ඒ තනිකම අපිව හොයාගෙන එනවා. තනිකම තමයි හොඳම යාළුවා............
    සමාවෙන්න සහෝ මම වර්ඩ් වෙරි‍ෆිකේෂ්න් කෙහෙම්මල අයින්කොරලා දාන්නම්......

    ReplyDelete