මා තනිවූ කාලයේ පාළුවිය ජීවිතය
හිනැහුනෙමි සතුටට නොව මගෙ පාළුවට
ඇඬුවෙත් මා එදා හිතින් මගෙ තනිකමට
එනමුත් නොසිතූ ලෙස මට හමුවූ නුඹව
රැඳුනු හැටි පුදුමයි මගේ හිත ගැඹුරේම
හිතට හුරු වූ ඔබේ රුව නොදකින කලට
දැනුනි දුක් වේදනා තනිකමට අමතරව
වෑයම් කලත් මම අද තනිව හිනැහෙන්න
නැහැ දැන් ඉඩක් මට හැඬුනොත් මිස තනිව
සිටියත් මා වටා දහස් ගණනක් සෙනඟ
හැඟෙන්නේ තනිකමයි නිතර නිතරම සිතට
හේතුවක් හොයන්නට වීරිය කල මෙමට
පසක් විය සැනෙන් මට අහිමි බව මගේ හද
හද අහිමි මම කෙලෙස හිනැහෙන්නද තනිව
ඉතින් කවදාද මා යන්නේ ඇය දකින්නට
දොඩමළුව ඈ සමඟ හිනැහෙමින් ඇවිදින්න
? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ?